Tuesday, September 30, 2008

පායන කාලයක් ඇවිත්...,

මේ දිනවල පවතින අධික රස්නය සහිත වියලි කාලගුණය ඇත්තටම මෙම කාලයට අසාමාන්‍ය තත්වයක්. මෙයබොහෝවිට සමාන කල හැක්කේ ජනවාරි සිට මාර්තු දක්වා ඇති වියලි කාලගුනික තත්වයටයි.
පෙනෙන ආකාරයට නම් මෙම තත්වය තවත් දින කිහිපයක් පවතින්න හැකි වේවි. ගොවියන් මෙහිදී විශේෂයෙන්ම වියලි කාලගුණයෙන්, වගාවන් ආරක්ෂා කර ගැනීම වැදගත් වේවි කියලා හිතනවා. විශේෂයෙන්ම තේ වැනි වැවිලි භෝගයක් සැලකීමේදී, මේ කාරණය බොහෝ වැදගත් වේවි.තේ වගාවේ, කප්පාදුව සහ පැල සිටුවීමෙන් වැලකීම වගේම, දලු නෙලීමත් සැලකිල්ලෙන් සිදු කිරීම යහපත් වේවි.

Sunday, September 14, 2008

තේ පානය කරන්නන්ට සහ වගාකරුවන්ට සුභ ආරංචියක්

තේ අපේ ජනප්‍රියම පානය සහ රටේ වැඩියෙන්ම අපනයනය කරන භෝගය ගැන සුභ ආරංචියක් බී.බී.සී. වෙබ් අඩවියෙ සටහන් වී තිබුණා. නවතම පර්යේෂණ වාර්තාවන්ට අනුව, දිනකට තෙවරක් හෝ වැඩි වර ගණනක් තේ පානය කිරීමෙන්, හෘද රෝග වැළදීම අඩු කර ගත හැක.


මේ ආරංචිය, අපේ තේ වගා කරුවන්ට වගේම, හෘද රෝගීන්ටත් වැදගත් පණිවිඩයක් වේවි.

Wednesday, September 3, 2008

ජල අවශ්‍යතාව ගණනය...,

විවිධ කාළගුනික තත්වයන් යටතේ ශාඛ ජල අවශ්‍යතාව ගණනය කිරීම කෘෂිකර්මාන්තයේදී වැදගත් වේ. මේ සඳහා සම්මතයක් ලෙස යොදා ගනු ලබනුයේ Penman Monteith සමීකරණය වේ. පහත වෙබ් අඩවිය මගින් මේ සඳහ යොදා ගත හැකි මෘදුකාංගයක් නොමිලේ බාගත කර ගත
හැක. 

www.cranfield.ac.uk/sas/naturalresources/research/projects/dailyet.jsp


Saturday, August 30, 2008

අලුත් ආරම්භයක්..,

අද ඉඳල මෙම සටහන සිංහලෙන් ලියන්න හිතුව. ඒකට මුලික උත්තේජනය ඇත්තටම ලැබුනෙ සිංහල බ්ලොග් සංසදය. ටිකෙන්ටික, මේ අඩවිය, අපෙ කෘෂි කර්මාන්තය හා සම්බන්ද වෙන දේවල් සහ යම්, යම් අන්තර්ජාලයේ හමුවෙන දත්තයන් හඳුන්වාදෙන්න තමා බලා පොරොත්තුව.

ඊටත් අමතරව, අන්තර්ජාලයෙ හමුවෙන, එදිනෙදා අපට ප්‍රයෝජනවත් දේවල් ගැනත් සඳහන් කිරීම වටිනවා කියලා හිතනවා.

Sunday, July 13, 2008

Provincial Councils and Climate Change

Though Sri Lanka is a small Island, there different climatic regions. Based on these regions, the environmental issues faced by them are different. The available Provincial Council system of the country should be used as a base for understanding and solving the climate related issues. Two major issues faced today are the drought and flood. The efforts are needed to overcome these two in very near future to avoid loss of human lives and capital of the country.

AYUBOWAN


"AYU BO WAN"
(Long lives for all)

Welcome you all for this new forum. We intend to talk many issues relating to our society. Attempts will be made to center the topic arounf Climate Change and Sustainabilty of our Agriculture. However other issues are not spared off. So the ethnic problem too will be another hot issue here.