මේ දිනවල පවතින අධික රස්නය සහිත වියලි කාලගුණය ඇත්තටම මෙම කාලයට අසාමාන්‍ය තත්වයක්. මෙයබොහෝවිට සමාන කල හැක්කේ ජනවාරි සිට මාර්තු දක්වා ඇති වියලි කාලගුනික තත්වයටයි.
පෙනෙන ආකාරයට නම් මෙම තත්වය තවත් දින කිහිපයක් පවතින්න හැකි වේවි. ගොවියන් මෙහිදී විශේෂයෙන්ම වියලි කාලගුණයෙන්, වගාවන් ආරක්ෂා කර ගැනීම වැදගත් වේවි කියලා හිතනවා. විශේෂයෙන්ම තේ වැනි වැවිලි භෝගයක් සැලකීමේදී, මේ කාරණය බොහෝ වැදගත් වේවි.තේ වගාවේ, කප්පාදුව සහ පැල සිටුවීමෙන් වැලකීම වගේම, දලු නෙලීමත් සැලකිල්ලෙන් සිදු කිරීම යහපත් වේවි.
Tuesday, September 30, 2008
Sunday, September 14, 2008
තේ පානය කරන්නන්ට සහ වගාකරුවන්ට සුභ ආරංචියක්
තේ අපේ ජනප්‍රියම පානය සහ රටේ වැඩියෙන්ම අපනයනය කරන භෝගය ගැන සුභ ආරංචියක් බී.බී.සී. වෙබ් අඩවියෙ සටහන් වී තිබුණා. නවතම පර්යේෂණ වාර්තාවන්ට අනුව, දිනකට තෙවරක් හෝ වැඩි වර ගණනක් තේ පානය කිරීමෙන්, හෘද රෝග වැළදීම අඩු කර ගත හැක.
මේ ආරංචිය, අපේ තේ වගා කරුවන්ට වගේම, හෘද රෝගීන්ටත් වැදගත් පණිවිඩයක් වේවි.
Wednesday, September 3, 2008
ජල අවශ්‍යතාව ගණනය...,
විවිධ කාළගුනික තත්වයන් යටතේ ශාඛ ජල අවශ්‍යතාව ගණනය කිරීම කෘෂිකර්මාන්තයේදී වැදගත් වේ. මේ සඳහා සම්මතයක් ලෙස යොදා ගනු ලබනුයේ Penman Monteith සමීකරණය වේ. පහත වෙබ් අඩවිය මගින් මේ සඳහ යොදා ගත හැකි මෘදුකාංගයක් නොමිලේ බාගත කර ගත
හැක.
www.cranfield.ac.uk/sas/naturalresources/research/projects/dailyet.jsp
Subscribe to:
Posts (Atom)